
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ඉන්දීය කන්නඩ නිළි රන්යා රාඕ රත්‍රං ජාවාරමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්‍රං කිලෝග්‍රෑම් 14 ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී රන්යා රත්‍රං ජාවාරමට සම්බන්ධ කාන්තාවන්ගේ අන්තර්ජාතික ජාලයක් ඇතුළු තීරණාත්මක හෙළිදරව් කිරීම් කිහිපයක් සිදුකර ඇතැයි වාර්තා වේ.
දේශසීමා හරහා ක්‍රියාත්මක වන සහ කාන්තාවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගන්නා මෙම ජාවාරම් ජාලයේ කොටසක් තමා බව රන්යා පාපොච්චාරණය කර ඇතැයි එරට පොලිසිය පවසයි.
මෙම කණ්ඩායම අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන බවට විශ්වාස කෙරෙන අතර සමහර රාජ්‍ය සේවකයන් ද එම ජාලයට සම්බන්ධ බව පැවැසේ.
මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව පොලිසිය මේ වනවිට සෝදිසියෙන් සිටියි.
ඉන්දීය ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මීට පෙර ලැබුණු තොරතුරක් මත ඩුබායි සිට ආපසු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන ගණනක් වටිනා ස්වර්ණාභරණ විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
රන්යාගේ ප්‍රකාශයෙන් පසුව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන සිදුකරයි.
ඔවුන් ජාවාරම් සම්බන්ධයෙන් සමීපව විමර්ශනය කරන අතර, අන්තර්ජාතික රත්‍රං ජාවාරම් ජාලයට සම්බන්ධ අනෙකුත් සාමාජිකයින් අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉන්දීය ජනමාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart