
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වංචනික ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන 9900ක මුදලක් වංචා කළ පුද්ගලයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන ගිය අදාළ සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.
54 හැවිරිදි මෙම සැකකරු මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු එම මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart