
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටුගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරණයට පත්ව ඇත.
පොලිසිය පවසන්නේ, අදාළ පුද්ගලයා පොලිස් නිලධාරීන් හා පොරබදා ගිනි අවිය උදුරාගැනීමට තැත්කිරීමේදී වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
එහිදී පොලිස් නිලධාරියකුද තුවාල ලබා ඇතැයි සීදුව පොලීසිය පවසයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතිවූ සිද්ධියෙන් මියගොස් ඇත්තේ පූගොඩ බංගලාවත්ත ශානික දේශාන් නමැති තිස්අට හැවිරිදි පුද්ගලයකු බව හෙළිවී ඇත.
සීදුව දෙස සිට කොටුගොඩ දෙසට මෝටර් රථයක් ධාවනය වී ඇති අතර කොටුගොඩ මස්කඩේ හන්දියේ තාවකාලික පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් එම මෝටර් රථය නවතා පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් පොලිස් නිිිිලධාරින් හා පොරබදා ගිනිඅවිය උදුරාගැනීමට තැත්කර ඇතැයි ද,ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීයකු අත තිබූ තිබූ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියකු හා එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන් මීගමුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයා එහිදී මියගොස් ඇත .
මෝටර් රථයේ පැමිණි සෙසු පුද්ගලයන් තිදෙනා මේ අවස්ථාවේදී පළාගොස් ඇතැයි ද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart