
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රියාත්මක වෙමින් තිබූ ගුවන් යානා එන්ජිමකට වැටීමෙන් ඇම්ස්ටර්ඩෑම් හි Schiphol ගුවන් තොටුපළේදී පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඩෙන්මාර්කය බලා පියාසර කිරීමට නියමිතව තිබූ KLM ගුවන් සේවයට අයත් Embraer ජෙට් යානයක එන්ජිමට වැටීමෙන් අදාළ පුද්ගලයා ඊයේ(බදාදා) මියගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත හමුදා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සිද්ධිය හදිසි අනතුරක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නොදන්නා බව හමුදා පොලිසියේ ප්‍රකාශකයකු වන Marechaussee රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.
සිද්ධියත් සමග යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර තිබේ.
ප්‍රංශ-KLM හි කොටසක් වන KLM, මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය කරන බව සඳහන් කරයි.
කෙසේවෙතත් KL1341 දරන අදාළ ගුවන් යානය පසුව Billund බලා පිටත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart