
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය නගරයේ පුද්ගලයකු කෘමියකු දෂ්ට කිරීම හේතුවෙන් ඇති වූ රෝගාබාධයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.
කෘමියකු දෂ්ට කිරීම ලක්වූ පුද්ගලයාගේ කණට පහළින් දෂ්ට කිරීම නිසා දැඩි වේදනාවක් හටගෙන ඇති අතර පසුව එදිනම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
කෘමියකු දෂ්ට කළ බව ප්‍රකාශ කළ ද නිශ්චිතව එම කෘමි වර්ගය හඳුනා ගැනීමට රෝගියාට නොහැකි වී තිබේ.
පසුව රෝගියාගේ තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහී ගොස් ඇත.
ප්‍රතිකාර අතරතුර ඔහු ඊයේ මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart