
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට ආවේණික වඳවී යෑමේ තර්ජනයට මුහුණපා ඇති ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොළ ඇළ මාර්ගයේ කොටසක් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩිගල සිට හපුගොඩ දක්වා ගලාබසිනා දොළ පහරේ හඳුනාගන්නා ලද කිලෝමීටර 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසටම මීටර පහළොව (15) බැගින් වන භූමි ප්‍රමාණය නික්කඳුපොළ අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව තිබේ.
1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා ඇති මත්ස්‍ය විශේෂයකි.
දැනට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර 2.5ක පමණ ප්‍රදේශයක පමණක් මෙම මත්ස්‍යයා ජීවත්වන බවට හඳුනාගනු ලැබ තිබේ.
එම දොළපාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදුවන දොළපහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart