
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ, ක්‍රිකට් පරිපාලනය සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීමට සූදානම් බවයි.
එම කමිටුව සඳහා ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා පත්කරන ලද අතුරු කමිටුව නියෝජනය කරන සාමාජිකයන්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරක් ගෙන ඇත.
එම කමිටුව සඳහා පත්කිරීමට නම්කර ඇති සාමාජිකයන් මෙසේයි.
1. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්
2. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ
3. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා
ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි මෙම කමිටුවට ඇති වගකීම්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට ඇතුළත්ය.
එම නිවේදනයේ දක්වා ඇති වගකීම් සහ සෙසු කරුණු මෙසේයි.
අ) විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2023 සැප්තැම්බර් 11 දිනැති විගණන වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් විමසා බලා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
ආ) ඉහත සඳහන් කළ විගණන වාර්තාවේ සඳහන් දූෂණ, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් වැළැක්වීම සහතික කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ උපාය මාර්ගික ක්‍රියාමාර්ග සකස් කිරීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart