
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ යුනියන් බැංකුවේ බහුතර කොටස් හිමිකර ගැනීමේ ගනුදෙනුව නේපාල ප්‍රකෝටිපතියකු වන බිනෝද් චෞද්‍රිගේ CG කෝප් සමූහය අවසන් කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ දැනුම් දී තිබේ.
ප්‍රථම වරට මෙම ගනුදෙනුව 2022 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ අතර, 2023 සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඊට ලැබී ඇත.
සිංගප්පූරු නීතිය යටතේ සංස්ථාපිත පෞද්ගලික සමාගමක් වන CG Capital Partners Global Ltd, යුනියන් බැංකුවේ 71% ක කොටස් හිමි Culture Financial Holdings අත්පත් කර ගෙන ඇත.
මෙම ගනුදෙනුව හෙළිනොකළ මිලකට වෙළෙඳපොළෙන් පිටත ගනුදෙනුවක් ලෙස සිදුකර ඇති බව සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart