
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාසයේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසු පකිස්ථාන නීති සම්පාදකයන් විසින් ෂෙහ්බාස් ෂරීෆ් දෙවැනි වරටත් රටේ අගමැති ලෙස තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහා පරිමාණ වංචා සහ ප්‍රතිඵල ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මධ්‍යයේ පාකිස්ථාන මැතිවරණය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 8 වැනිදායි.
අගමැතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව ලෙස හඳුන්වන ජාතික සභාව අද රැස් වී තිබිණි.
එහිදී ෂෙහ්බාස් ඡන්ද 201ක් ලබා ගත්තේ ඡන්ද 92ක් ලබා ගත් ප්‍රතිවාදී ඕමාර් අයුබ් ඛාන් අභිබවා යමිනි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයට මැතිවරණයට තරග කිරීම තහනම් කිරීමෙන් පසු මැතිවරණයට එක්වූ දේශපාලන කණ්ඩායමේ නීති සම්පාදකයන් වන සුන්නි ඉත්තෙහාඩ් කවුන්සිලයේ (එස්අයිසී) සහාය ද ෂෙහ්බාස්ට ලැබී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart