
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ ගුවන් තොටුපළක ගුවන්යානා සඳහා ඇතුළු කිරීමේ ගේට්ටුව අසල ගබඩාවක තිබූ කතුරක් අතුරුදන් වීම නිසා ගුවන් ගමන් 36ක් සති අන්තයේ අවලංගු කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම තවත් ගුවන්ගමන් 201ක ප්‍රමාදයට ද හේතු වී තිබේ.
හොකයිඩෝ හි නිව් චිටෝස් (New Chitose) ගුවන් තොටුපළේ අභ්‍යන්තර පර්යන්තයේ ආරක්‍ෂක පරීක්‍ෂණ සෙනසුරාදා උදෑසන පැය දෙකක පමණ කාලයක් අත්හිටුවන ලද අතර මේ හේතුවෙන් සංචාරකයන් සිය ගණනක් තාවකාලිකව අතරමංවී තිබිණි.
පිටත්වීමේ විවේකාගාරයේ සිටි මගීන්ට ආරක්ෂක පරීක්ෂාවන් නැවත සිදු කිරීමට සිදු වූ බැවින් විශාල අවහිරතා සහ පෝලිම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන් වූ කතුර සොයා ගැනීමට බලධාරීන් උත්සාහ කළ අතර පසුදින එහිම තිබී එය සොයා ගන්නා ලද බව වාර්තා වේ.
සෙනසුරාදා කතුර නොතිබුණද ආරක්ෂක පරීක්ෂාවන් අවසානයේ ගුවන් ගමන් එදිනම නැවත ආරම්භ විය.
නිව් චිටෝස් ගුවන් තොටුපළේ ක්‍රියාකරු වන හොකයිඩෝ ගුවන් තොටුපළ සඳුදා නිවේදනය කළේ සේවකයකු විසින් ඉරිදා කතුර සොයාගත් බවයි.
කතුර නැතිවූ කතුරට සමාන බව තහවුරු කරන තුරු ඔවුන් නිවේදනය කිරීම නතර කළ බව ද බලධාරීන් පැහැදිලි කර තිබිණි.
නිව් චිටෝස් යනු ජපානයේ කාර්යබහුලම ගුවන් තොටුපළවලින් එකක් වන අතර, ගුවන් සේවා විශ්ලේෂණ සමාගම් පවසන්නේ ටෝකියෝ සහ සපෝරෝ අතර ලෝකයේ දෙවැනි වැඩිම ගමන් සඳහා එය සේවය කරයි.
2022 දී මිලියන 15කට අධික සංචාරකයන් එම ගුවන් තොටුපළ භාවිත කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart