
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා පොස්පේට් ලිමිටඩ් සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සහ පසුගිය පාලන සමයේදී රොක් පොස්පේට් කැණීම් සහ විකිණීමේදී සිදු වූ අක්‍රමිකතා අධිකරණය ඉදිරියේ හෙළිදරව් වී තිබේ.
පසුගිය රජයේ පාලන සමයේදී අපනයනය සඳහා සමාගම් තුනකට රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් විකිණීමේ දූෂිත ගනුදෙනුවේදී රජයට රුපියල් බිලියන 2.7 ක පාඩුවක් සිදු වූ බව අනාවරණ වීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.
කුරුණෑගල පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මෙම කාරණය සහ ඔවුන්ගේ වත්මන් විමර්ශනය පිළිබඳ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
පොස්පේට් නිධිය තුළ මීටර් 850ක මාර්ගයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 650ක මුදලක් වැය කර ඇති අතර කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් එප්පාවල ඉඩමක ශක්‍යතා අධ්‍යයනයකින් තොරව කර්මාන්ත ශාලාවක් ආරම්භ කරතිබේ.
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එප්පාවල ඇපටයිට් නිධිය 1971 දී සොයා ගන්නා ලදී.
‘එප්පාවල නඩුව’,පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2023 නොවැම්බර් 24 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකි.
මෙම නඩුව අක්‍රමිකතා සහ ව්‍යාජ ලේඛන භාවිත කිරීම පිළිබඳ චෝදනා කරමින් එප්පාවල පොස්පේට් නිධියට සම්බන්ධ විදේශීය සමාගම් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියට අභියෝග කරයි.
බලපත්‍ර ලබාදීමෙන් රාජ්‍යයට මූල්‍යමය පාඩු සිදු වූ බව ද පෙත්සමෙහි සඳහන් වේ.
කුරුණෑගල පදිංචිකරුවකු පෙත්සම ගොනු කිරීම සමඟ මෙම නඩුව පැහැදිලිවම සම්බන්ධ නොවූවත්, පෙත්සම්කරුවන් අතර සිටින වගාකරුවන්, ඉඩම් හිමියන් සහ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස එප්පාවල පදිංචිකරුවන් ලෙස මෙම නඩුවට සම්බන්ධ වේ.
එප්පාවල පොස්පේට් කැණීම සඳහා යෝජිත ගිවිසුම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව ඔවුහු කියා සිටිති.
පාෂාණ පොස්පේට් නිධිය පිහිටා ඇති එප්පාවල ඉඩම් හෙක්ටයාර 450කට වඩා වැඩි ප්‍රමාණයක සුවිශේෂී පතල් කැණීම සඳහා ලංකා පොස්පේට් ලිමිටඩ් සමාගමට අයිතිය ඇත.
මෙම නිධිය දැනට මෙට්‍රික් ටොන් මිලියන 60ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එහි පොස්පරස් පෙන්ටොක්සයිඩ් (P2O5) සියයට 33-40ක් අඩංගු වන බවත් එය ලෝකයේ පොහොසත්ම සහ අද්විතීය පොස්පේට් නිධිවලින් එකක් ලෙසත් සැළකේ.
වර්තමානයේ ලංකා පොස්පේට් ලිමිටඩ් සමාගම විසින් එප්පාවල රොක් පොස්පේට් සහ ඉහළ ශ්‍රේණියේ එප්පාවල රොක් පොස්පේට් නිෂ්පාදනය කරන අතර ඒවා තේ, රබර් සහ පොල් වැනි බහු වාර්ෂික භෝග සඳහා පොහොර ලෙස භාවිත කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart