
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘සිලෝන් ටී වයින්’ තවත් මාස දෙකකින් පමණ වෙළෙඳපොළට පැමිණීමට නියමිත බව තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති චින්තක ලොකුහෙට්ටි අනාවරණය කරයි.
ශ්‍රී ලංකාව සතුව සිලෝන් ටී ‘වයින්’ සඳහා පේටන්ට් බලපත්‍රයක් පවතින අතර, එය වාණිජමය වශයෙන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සීමාසහිත ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් සමාගම වෙත විකුණා ඇත.
“මම හිතන්නේ මේ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙයි. සිලෝන් ටී සඳහාත් විශාල ඉල්ලුමක් පවතිනවා” යැයි සභාපතිවරයා සඳහන් කරයි.
මේ වන විට ‘සිලෝන් ටී වයින්’ අත්හදා බැලීම් අවසන් කර ඇති අතර නිෂ්පාදනය වෙළඳපොළට සූදානම් කරමින් සිටින බව ඔහු පෙන්වාදෙයි.
මෙම නිෂ්පාදනයට අදාළ පේටන්ට් බලපත්‍රය වසර 18ක් භාවිත නොකළ බවත්, දැන් වසර02ක පමණ කාලයක් ඉතිරිව ඇති බැවින් එය වාණිජකරණය කිරීමට පියවර ගත් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart