May 6, 2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ඊයේ උදෑසන හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවත් සිසුවකුට බරපතල තුවාල සිදුකිරීමේ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තුන්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට සිසුන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව පරීක්ෂණවලින් හෙළිව ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් හත්දෙනකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පැවසීය.

පොලිසියට අනුව, පිටිපන ප්‍රදේශයේ නේවාසිකාගාරයකදී මෙම පහරදීම සිදුවී ඇති අතර, විශ්වවිද්‍යාලවල නවකවධය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පහර කෑ සිසුවා අදහස් ප්‍රකාශ කළ හේතුවෙන් මෙම පහරදීම සිදුව අති බව පැවැසේ.