
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලා තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් සොයා තලංගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ පිරිස ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම කණ්ඩායම තරුණියන්ගේ ජංගම දුරකථන අංක ලබාගෙන ඔවුනට කෙටි පණිවිඩ යවා තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
පොලිසියට ලැබී ඇති බැංකු ගිණුම් අංක, ජංගම දුරකථන දුරකතන අංක ඔස්සේ මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට තලංගම පොලිසිය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart