
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ ජනවාරි මාසයේදී දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගෙන කඩාබිඳ දැමූ සෝල්බීච් හෝටලය යළි ඉදිකිරීමට උත්සාහ කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අඟහරුවාදා (14) දින හෝටල් පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම පිරිස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අධිකරණ නියෝගයක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ලිපිය ව්‍යාජ එකක් බවට එල්ල වූ චෝදනා මත එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එම දේපළ සම්බන්ධයෙන් කිසිදු අයිතියක් නොමැති අතර ඔවුන්ට ඉදිකිරීම් කටයුතුවල යෙදීමට අයිතියක් නොමැති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ‘යුක්තිය’ පොලිස් විශේෂ මෙහෙයුමේදී සිදුකරන ලද වැටලීළීමකින් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් යැයි සදහන් හෝටලය 2024 ජනවාරි මාසයේදී කඩාබිඳ දමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart