
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරුවල ආරියවංශ මහා විද්‍යාලයේ ‘ස්මාර්ට් පංති කාමරය’ බිඳ ලැප්ටොප් පරිගණක 12ක් සොරාගත් සිසුන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත එම පාසලේම 16 හැවිරිදි සිසුන් දෙදෙනකු ද වන බව බේරුවල පොලිසිය අනාවරණය කළේය.
තවත් සැකකරුවන් තිදෙනෙකු පානදුර සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පුර පසළොස්වක පොහොය දිනයක් වූ පෙබරවාරි 23 වැනිදා පාසලේ ‘ස්මාර්ට් ක්ලාස්’ කාමරයට කඩාවැදුණු පුද්ගලයින් ලැප්ටොප් පරිගණක කිහිපයක් සොරකම් කර ඇති බවට බේරුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
අදාළ සිසුන් දෙදෙනා ලැප්ටොප් පරිගණක කිහිපයක් අලෙවි කිරීමට උත්සාහ කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, තිදෙනෙකුගේ සහාය ඇතිව සොරාගත් ලැප්ටොප් පරිගණක අලෙවි කිරීමට සූදානම් වන බව අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, පාදුක්ක ප්‍රදේශයේ සඟවා තිබියදී සොරාගත් ලැප්ටොප් පරිගණක 12ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart