
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල යාපනයේ මූත්තවේලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශන භූමිය තුළ කේරළ ගංජා අලෙවි කිරීමට උත්සහ ගත් තරුණියක් ගුවන් හමුදා නිලධාරිනියන් විසින් පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණිය ප්‍රධාන දොරටුවෙන් පිටතට ගොස් ආපසු ක්‍රීඩාංගණයට යෑමට උත්සහ කළ අවස්ථාවේදී සැකකටයුතු සිදුවීමක් නිසා පරීක්ෂා කරන විට ඇය සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් ගුවන් හමුදා නිලධාරීන්ට සොයාගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තිය යාපනයේ නාගදීපය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර, ඇය කේරළ ගංජා අලෙවි කිරීමේ චෝදනාවක් මත මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කියයි.
ගුවන් හමුදා නිලධාරීන් විසින් එම තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිසිය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart