
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ අංක තහඩුවක් සහිත ජීප් රථයක් භාවිත කළ බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරු අද (15) අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මෝටර් රථය ඊයේ බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් ආසන්නයේ නවතා තිබියදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලීසිය පැවසුවේ, අදාළ රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ අදාල් හිටපු උප සභාපතිවරයා විසින් භාවිත කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.
මුල් අංක තහඩුව සහිත වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බව අනාවරණය වීමෙන් පසු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත..
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart