
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 03කට පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අන්තර්ජාතික ජයක් හිමිව තිබේ.
භුතානය ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ජය ලබා ගත්තේ ෆිෆා සිව්කොන් තරගාවලිය යටතේදිය.
මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදි ඊයේ රාත්‍රීයේ පැවත්වුණු අතර එහිදි තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම ගෝල වාර්තා නොකළ නමුත් දෙවැනි අර්ධයේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ගෝලය වාර්තා කිරීමට ඩිලෝන් ද සිල්වා සමත් විය.
ඔලිවර් ජේම්ස් ශ්‍රී ලංකා ව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය.
2021,වසරේ නොවැම්බර් මාසයේදි බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සිය අවසන් අන්තර්ජාතික පාපන්දු ජයග්‍රහණය වාර්තා කරන ලදී.
මම තරගයේ තවත් විශේෂත්වයක් වූයේ මෙය ශ්‍රී ලංකා පාපන්දු හිටපු නායක මොහොමඩ් ෆසල්ගේ අවසන් අන්තර්ජාතික පාපන්දු තරගය වීමයි.
එය ජයග්‍රහණයකින් නිමා කරමින් ෆසාල්ට ඉතාමත් අලංකාර සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart