
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය නිළියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවීමේ චෝදනා සම්බන්ධයෙන් චිත්‍රපට නිළියක ඇතුළු කාන්තාවෝ 4 දෙනෙක් මොරගහහේන, දෙමටහැත්ත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිළිය මෙරට සිනමා ලොව සිටින ප්‍රසිද්ධ නිළියන් සම්බන්ධිකරණය කර ඉහළ මිල ගණන්වලට ධනවතුන්ට විකුණා ඇති බව ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සුරූපිනියන් වයස අවු 25 ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුහු ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.
අත්අඩංගුවට ගැනුණ ‘සරාගී චිත්‍රපට’ නිළිය මෙම ගණිකා ජාවාරම කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී යැයි කියයි.
ගණිකා වෘත්තියේ යෙදෙන මෙම සුරූපී කාන්තාවන් ධනවතුන් සමග රාත්‍රී සමාජ ශාලා, සුපිරි නිවාස සංකීර්ණ සහ සමාජ ශාලාවලට ගොස් ඔවුන් සමග මත්පැන් පානය කර ඉහළ මිල ගණන්වලට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සරාගී චිත්‍රපට විශාල සංඛ්‍යාවක සහ රූපවාහිනි නාළිකාවල විකාශනය වූ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී ඇති සැකකාරිය වට්ස්ඇප් හරහා ධනවතුන් සම්බන්ධ කරගෙන ජනප්‍රිය නිළියන් සහ සුරූපී කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart