
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනකු රෝහල්ගත කර තිබේ.
උණ රෝගයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇති අතර එය වැළැක්වීම සඳහා මේ වන විටත් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, බන්ධනාගාර බලධාරීන් එහි ක්‍රියාකාරකම් සඳහා සීමාවන් ක්‍රියාත්මක කරන අතර අමුත්තන්ගේ ප්‍රවේශය නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ද විධිවිධාන යොදා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයකට අනුව, මාතර බන්ධනාගාරයට පැමිණෙන නව රැඳවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර ඇත.
මෙම රෝගී තත්ත්වය තවදුරටත් බෝවීමේ අවදානම අවම කිරීමත්, රැඳවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහිදී අරමුණු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart