
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාත්‍රී කාලයේ වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට පැමිණි පිරිසකට අවසර ලබානොදුන් වෛද්‍යරයකුට පහරදුන් සැකකරුවන් තිදෙනකු වත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබා, වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට පිටත්කර යවා තිබෙන බව පොලීසිය පවසයි.
රාත්‍රි කාලයේ පැමිණි මෙම කණ්ඩායම රෝගියා බැලීමට උත්සාහ කර ඇති අතර, වෛද්‍යවරයා එයට අවසර ලබාදී නැති බව වාර්තා වේ.
ඉන් පසුව ඇති වූ බහින්බස්වීම දුරදිග යෑමෙන් පසුව මෙලෙස වෛද්‍යවරයාට පහර දී තිබෙන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart