
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙසක් දිනය අන්තර්ජාතිකව සැමරීමට යුනෙස්කෝ විධායක මණ්ඩලය එහි 219 වැනි සැසිවාරයේදී තීරණය කර තිබේ.
ඒ අනුව ගෝලීය සාමය, අන්තර් සංස්කෘතික සංවාදය සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන විධානයට අනුකූලව අන්තර්ජාතික වෙසක් දිනය සමරනු ඇත.
වෙසක් උත්සවය අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ ප්‍රධානත්වයෙන් 1999 වසරේ ඉදිරිපත් කෙරුණු 54/115 දරන ඓතිහාසික එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 25 වැනි සංවත්සරයේදී මෙම සුවිශේෂී තීරණය සම්මත වීම ද විශේෂ වේ.
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත පිරිස විසින් යුනෙස්කෝව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සාමාජික රටවල් 38කින් සමන්විත විධායක මණ්ඩලයේ සාමාජිකයන්16ක කණ්ඩායමක සම අනුග්‍රහය ඇතිවය.
අන්තර්ජාතික වෙසක් දිනය නිමිත්තෙන් වාර්ෂික පණිවිඩයක් නිකුත් කරන ලෙසත්, අදාළ ස්ථිර නියෝජිත කණ්ඩායම් සමඟ සාකච්ඡා කර මේ වසරේ (2024) සිට වාර්ෂිකව වෙසක් උත්සවය සැමරීමට සුදුසු විධිවිධාන සලසන ලෙසත් එමගින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව , 2025 නොවැම්බරයේ පැවැත්වෙන යුනෙස්කෝ 43 වැනි සැසිවාරයේදී මහා සමුළුවේ දී සම්මත කර ගැනීම සඳහා මෙම තීරණය ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඔවුන් තවදුරටත් ඉල්ලා සිටී.
මෙම තීරණය හඳුන්වා දෙමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මනීෂා ගුණසේකර ප්‍රකාශ කළේ අන්තර්ජාතික වෙසක් දින සැමරුම “මනුෂ්‍යත්වයට ගැඹුරු විශ්වීය වැදගත්කමක් දරන මුලපිරීමක්” බවයි.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ එහි දර්ශනය යුනෙස්කෝවේ ප්‍රධාන වැඩසටහන් සහ උපායමාර්ගික අරමුණු සමඟ සමීප බව ද ඇය අවධාරණය කළාය.
මෙම තීරණයට පක්ෂව අදහස් දක්වමින් යුනෙස්කෝවේ ඉන්දීය තානාපති සහ නිත්‍ය නියෝජිත විශාල් ෂර්මා ප්‍රකාශ කළේ ශාක්‍යමුණි බුදුරදුන්ගේ කාලයේ සිටම චතුරාර්ය සත්‍යයන් අසංඛ්‍යාත පරම්පරා ගණනකට මග පෙන්වන බවයි.
වෙසක් දිනය පිළිබඳ වැදගත් තීරණයක් ගැනීමට මුල් වූ සහ සහාය දුන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවලට ඔහු සුබ පැතුම් එක් කළේය.
මෙම තීරණයට සම අනුග්‍රහය දැක්වූ සාමාජික රටවල් 38 වන්නේ ඇල්ජීරියාව, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, චිලී, චීනය, කොලොම්බියාව, ජිබුටි, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, ලාඕසය, ලෙබනනය, ලයිබීරියාව, මැලේසියාව, මොරිටේනියාව, මොංගෝලියාව, මොසැම්බික්, මියන්මාරය, නේපාලය, නිකරගුවාව, නයිජීරියාව, පකිස්ථානය, පලාවු, පිලිපීනය, කොරියානු ජනරජය, රුමේනියාව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, පලස්තීන ප්‍රාන්තය, සුරිනාමය, සිරියාව, තායිලන්තය, ටියුනීසියාව සහ වියට්නාමයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart