
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අද (10) අභාවප්‍රාප්තවිය.
මියයන විට ඔහු 77වන වියේ පසුවිය.
ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හොබවා තිබේ.
හෙතෙම දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල කටයුතු කර ඇත.
ඒ.ඩී. රංජිත් කුමාර කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වේ.
කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඔහුය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.
එමෙන්ම සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.
ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් වේ.
ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙක් ලෙසත් හැඳින්වීමට හැකි ඇත.
ඔහු මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා ජනමාධ්‍යවේදියකු ලෙසද සැළකිව හැකිය.
ඔහුගේ දේහය හෙට(11) උදෑසන 8ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇත.
ඔහුගේ අවසන් කැමැත්ත අනුව දේහය හෙට උදෑසන 10ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාරදීමට නියමිතය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart