
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යටියන්තොට, පලල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළියක අද (ජුලි 3) අලුයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි මුක්කන් වීරසිංහම් සහ ඔහුගේ 50 හැවිරිදි බිරිඳ වන මුත්තයියා ශාන්ති දේවි යන අඹුසැමි යුවළකි.
පොලිසිය පවසන්නේ, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට අනාවරණ වී ඇති බවයි.
ගින්නෙන් වතු නිවාස තුනකට හානි සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යටියන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart