
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අනවසරයෙන් ඉදිකරන ලදැයි කියන මාර්ගයක් යළි විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජූලි 07 වැනිදා විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමට සූදානමින් සිටින බවට පරිසරවේදීහු චෝදනා කරති.
මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම් සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය ඇමැති කේ.කාදර් මස්තාන්ගේ ප්‍රධානත්වයෙන් 300ක පමණ පිරිසක් මෙලෙස පැමිණීමට සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි.
මන්නාරම සහ පුත්තලම දෙසින් මොවුන් වනෝද්‍යානයට ඇතුළු වීමට බලාපොරොත්තු වන බව ද පැවසේ.
දේශපාලන වාසි තකා මැතිවරණයකට පෙර විල්පත්තුව අවට ආන්දෝලනයක් ඇති කිරීමට මොවුන් උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ.
යුද්ධය පැවති සමයේ විල්පත්තුව යුද කලාපයට අයත් වූ බැවින් එය ජාතික වනෝද්‍යානයක් ලෙස ක්‍රියා කිරීම නතර වූ බවත් 2010 දී මහින්ද රාජපක්ෂ පාලනය විසින් මන්නාරම සහ පුත්තලම යා කිරීමට විල්පත්තුව සහ තවත් රක්ෂිත ප්‍රදේශ කිහිපයක් හරහා මාර්ගයක් ඉදිකළේ දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් බවත් සජීව චාමිකර පවසයි.
පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගය මහජන භාවිතය තහනම් කළ නමුත් දැන් මෙම පුද්ගලයන්ට එය නැවත විවෘත කිරීමට අවශ්‍ය වී තිබෙන බව ඔහු සඳහන් කරයි.
චාමිකර පැවසුවේ, මාර්ගය නීති විරෝධී ලෙස ඉදිකිරීම සහ උද්‍යානයේ පැවැත්මට එල්ල වී ඇති සැළකිව යුතු තර්ජනය හේතුවෙන් එය භාවිත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළ බවයි.
එය විවෘතව තිබූ කෙටි කාලය තුළ සංචාරකයන් පලතුරු නෙළීමෙන් සහ ගම්වාසීන් සිය ගෘහාශ්‍රිත සතුන් මුදා හැරීමෙන් පරිසර පද්ධතියට බාධා වූ බව චාමිකර පෙන්වාදෙයි.
ආක්‍රමණශීලී ශාක විශේෂ ද ව්‍යාප්ත වී තිබේ.
ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද අර්ත් ඉන්ටර්නැෂනල් සංවිධානයේ සභාපති සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසන්නේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහාය ඇතිව පුත්තලම සහ මන්නාරම ප්‍රදේශවල ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඉලක්ක කරගෙන ඇති බවයි.
මන්නාරම සහ පුත්තලම ප්‍රදේශවලින් කණ්ඩායම් දෙකක් ලංගම බස් රථවලින් උද්‍යානය හරහා ගොස් එළුවන්කුලම සංක්‍රමණික ස්ථානයේදී හමුවීමට සැලසුම් කර ඇති බව ඔහු පවසයි.
ඔහු ප්‍රශ්න කරන්නේ පොදු ප්‍රවාහනය සඳහා වසා ඇති මාර්ගයක ගමන් කිරීමට ලංගමයට බස් රථ ලබා දිය හැකිද යන්නයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පියවරට එරෙහිව නඩු පවරා ඇති අතර, අද දිනයේ (ජූලි 5) එහි තීන්දුවක් අපේක්ෂා කරන බව ද විතානගේ සඳහන් කර තිබේ.
මේ අතර අලි සබ්රි රහීම් පවසා ඇත්තේ මඩු දේවස්ථානයේ මංගල්‍යයට සහභාගි වන ජනතාවට සහාය වීම සිය අභිප්‍රාය වන අතර බස් රථ ගමන් කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් තාවකාලික අනුමැතිය ඉල්ලා ඇති බවයි.
ලංගමය බස්රථ ලබාදීමට එකඟ වී ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසා ඇත.
(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart