
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාට සහාය දක්වන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
අගමැතිවරයාගේ පාර්ලිමේන්තු නිල කාමරයේ දී ඊයේ මෙම රැස්වීම පැවත්වී ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකද සහභාගී වී තිබිණි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපලඥනයන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තා වේ.
මෙහිදී පොදුජන පෙරමුණෙන් වෙන්වී ජනාධිපතිවරයාට සහාය පළ කළ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ කඩුවෙල ආසනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
එම ඉල්ලීමත් සමග කෝපයට පත් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා “මම තමයි ජ්‍යෙෂ්ඨ, මගෙ ආසනේ කොහොමද තමුන්ට දෙන්නෙ” යැයි බැණ වැදී ඇති බව වාර්තා වේ.
දෙදෙනාගේ වාග් ප්‍රහාර උග්‍ර වී ඇති අතර දැඩි වෙහෙසකින් පසුව ඔවුන් දෙදෙනා සන්සුන් කරන්නට අගමැතිවරයාට මෙහිදී සිදු වූ බව දැනගන්නට ඇත.
සාගල රත්නායක විසින් මධුර විතානගේගෙන් කෝට්ටේ ආසනය වෙනස් කළ හැකිදැයි කළ ඉල්ලීම ද මධුර විතානගේ විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart