
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයකු ඊයේ (30) අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී රුපියල් මිලියනයක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 75ක් නීතිවිරෝධී ලෙස පිටතට ගෙන යාමට උත්සාහ කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගුවන් මගියකු නොවන සැකකරු ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මත්පැන් මිලදීගෙන බෝතල් ගමන් මලු පහකට අසුරා තිබේ.
පසුව ඔහු ඒවා පැමිණීමේ පර්යන්තයේ ඇති ‘ග්‍රීන් චැනල්’ හරහා පිටතට ගෙන යාමට උත්සාහ කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඔහුව අලුයම 2.40 ට පමණ ගුවන්තොටුපොළ බැංකු පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අවසන් වරට විදේශගත වී ඇත්තේ 2024 අගෝස්තු 17 වැනි දින බව විමර්ශනවලින් හෙළිව ඇත.
බුද්ධි අංශ නිලධාරියකු ඇතුළු ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ගුවන්තොටුපළෙන් රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස පිටතට ගෙනයාමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සති කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart