
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළු වීම තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් මුස්ලිම් ජාතියේ මහජන කෝපය ඉහළයෑම සළකමිනි.
ඒ අනුව ඊට අදාළ නිවේදනය මාලදිවයින් රජය ඊයේ නිකුත්කර තිබේ.
එම නිවේදනයට අනුව මාලදිවයිනට ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර තහනම් වේ.
එහි දැක්වෙන්නේ කැබිනට් මණ්ඩලයේ නිර්දේශයකට අනුව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට තීරණය කළ බවයි.
ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂාව සහ තාක්ෂණ ඇමැති අලි ඉහ්සාන් මෙම තීරණය ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් මාලදිවයිනට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම සහ මෙම ප්‍රයත්නයන් අධීක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පිහිටුවීම ද එම කැබිනට් තීරණයට ඇතුළත් වේ.
මීට අමතරව, පලස්තීනය සහ ඊශ්‍රායලය සම්බන්ධයෙන්, පලස්තීන අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීමට මාලදියිනේ ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
පලස්තීනයේ සිටින ජනතාවට සහය වීම සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් පලස්තීනයට සහාය දක්වමින් රටපුරා රැලියක් පැවැත්වීමටත් ජනාධිපතිවරයා වැඩිදුරටත් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart