
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවුරුදු 79 ක් වයස කාන්තාවකගේ හිසට ඇය කෑමට ගෙනැවිත් තිබූ දෙල්ගෙඩියකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර, පිටපහ, වටවන ප්‍රදේශයේ හේවා පේඩිගේ ඇසිලින් නමැති වයෝවෘද්ධ කාන්තාවකි.
අසල්වැසියකු කසිප්පු පානය කර මෙම කාන්තාව පදිංචිව සිටින නිවෙසට පැමිණ අසභ්‍ය වචන කියා කෑ කෝ ගසමින් ඇය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාව කෑමට රැගෙන ඇවිත් නිවෙසේ පිටුපස තබා තිබූ දෙල් ගෙඩියක් ගෙන වැරෙන් පහරක් එල්ල කිරීමේ දී එම දෙල් ගෙඩිය ඇයගේ හිසේ වැදී එතැනම ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.
බිම ඇද වැටුණු කාන්තාවගේ නාසයෙන් ලේ ගලා ගොස් ඇති අතර මෙම නිවෙසට යාබදව පදිංචිව සිටින ඇගේ දරුවන් විසින් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්තාව මියගොස් ඇත.
පොලිසිය පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart