
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොරණ ගෝනපොළ ඇටඹහේන නිවෙසක නිදාගෙන සිටි හත් හැවිරිදි දැරියක ප්‍රාණඇපයට ගෙන මරාදමන බවට තර්ජනය කරමින්, අමනාප වූ සිය පෙම්වතියව පෙම්වතකු විසින් පෙරේදා (13) පැහැරගෙන ගොස් තිබිණ.
ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරිදෙණිය ප්‍රදේශයේ ඥාති නිවෙසක දමාගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
දැරියගේ පියාගේ සහෝදරිය සමඟ සැකකරු වසර 10ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඔහු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී සිටීම හේතුවෙන් තරුණිය ප්‍රේම සබඳතාව දැනට මාස දෙකකට පමණ ඉහතදී නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙරේදා (13) අලුයම 6.20ට පමණ තවත් පුද්ගලයකු සමඟ ගෝනපොල ඇටඹහේන නිවෙස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු, මෝටර් රථයෙන් බැස නිවෙස තුළට කඩාවැදී තරුණිය සොයාබැලුව ද ඇය ඒ වන විටත් රැකියා ස්ථානය කරා යෑම සඳහා නිවෙසින් පිටත්ව යෑම හේතුවෙන් බාල සොයුරිය සමඟ එකම ඇඳෙහි නිදාසිටි පෙම්වතියගේ සහෝදරයාගේ වැඩිමල් දියණිය වන 07 හැවිරිදි දැරිය පැහැරගෙන මෝටර් රථයේ නැඟී පලාගොස් තිබූ බව මොරගහහේන පොලිසිය කියයි.
එම අවස්ථාවේදී දැරියගේ පියා රැකියාවට ගොස් ඇති අතර මව නාන කාමරයේ සිට ඇත.
මිත්තනිය මේ බව දැක කෑ ගැසීමේදී මව නාන කාමරයෙන් පිටතට පැමිණ සැකකරු පසුපස හඹා යෑමේදී ඔහු නවතා තිබූ මෝටර් රථයේ නැඟී පළාගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
දැරියක පැහැරගෙන මෝටර් රථයකින් පළායන බවට ගෝනපොල පොලිසියට වාර්තා වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවෙස වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
සැකකරු ඔහු භාරයේ දරුවා සිටින බව ඒත්තු ගැන්වීමට ඡායාරූපයක් කොළඹ ප්‍රදේශයේ රැකියාවට යමින් සිටි අමනාප වූ පෙම්වතිය වෙත වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර ඇය නාවොත් දරුවා මරා දමන බවට තර්ජනය කර ඇයව කැස්බෑව නගරය වෙත ගෙන්වාගෙන ඇයත්, සමඟ දරුවාව කැස්බෑව පැටිකිරිදෙණිය තරුණියගේ ඥාති නිවෙස වෙත ගෙනගොස් ඔවුන්ට භාර දී පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරු තරුණියට යොමුකළ ඡායාරූපය තරුණිය විසින් තම සහෝදරයාගේ බිරියට (නෑනට) එවීමෙන් අනතුරුව ඇය විසින් මොරගහහේන පොලිසියට යොමුකර විමර්ශන කඩිනම් කර, දරුවා සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
සැකකරු දැරියව සහ තරුණිය පැහැරගැනීමට යොදාගත් මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම පැහැරගැනීමට පැමිණි සැකකරු සහ ඔහුට සහාය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart