
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර් 08 (අඟල් 03) ජීවමාන පණුවෙක් සිටි බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.
පසුගිය වසරේ කැන්බරා හි පැවති ශල්‍යකර්මයකදී එම රෝගියාගේ මොළයේ හානියට පත් ඉදිරිපස පටක වලින් “නූල් වැනි ව්‍යුහය” ඉවත් කර තිබේ.
පසුව සොයාගෙන ඇත්තේ ඒ රතු පරපෝෂිත පණුවකු බවයි.
පර්යේෂකයන් අනතුරු අඟවන්නේ සතුන්ගෙන් මිනිසුන්ට රෝග හා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් මෙම සිදුවීමෙන් ඉස්මතු කරන බවයි.
ඔෆිඩස්කාරිස් රොබර්ට්සි නම් මෙම පණුවන් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන කාපට් පිඹුරන්ගේ සහ විෂ නොවන සර්පයන් තුළ බහුලව දක්නට ලැබේ.
උදර වේදනාව, කැස්ස, රාත්‍රියේ දහඩිය දැමීම සහ පාචනය යන රෝග ලක්ෂණ මෙහිදී ආරම්භ වී ඇති අතර, එම තත්වය අමතක වීම සහ නරක අතට හැරෙන මානසික අවපීඩනය දක්වා වර්ධනය වී ඇතැයි වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.
මෙම රෝගියා 2021 ජනවාරි මස අගදී රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ස්කෑන් පරීක්ෂණයකින් මොළයේ දකුණු ඉදිරිපස කොටසේ ඇති අසාමාන්‍ය තුවාලයක් අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart