
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව, අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අඟහරුවාදා පැය හතරක් පැවති අධිකරණ නඩු විභාගයකදී 52 හැවිරිදි කිම් කියොන් හී, ඇයට එරෙහි සියලු චෝදනා ප්රතික්ෂේප කළාය.
කෙසේවෙතත්, සාක්ෂි විනාශ කළ හැකි බවට ඇති අවදානම සඳහන් කරමින් සෝල් අධිකරණය ඇයව රඳවා තබාගැනීමට වරෙන්තුවක් නිකුත් කළේය.
දකුණු කොරියාවේ ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයකු සහ ඔහුගේ බිරිය එකවර සිරගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.
කිම්ගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්, පසුගිය වසරේ අසාර්ථක වූ යුද නීති යෝජනාවක් සම්බන්ධයෙන් නඩු විභාගයට මුහුණදීම සඳහා කළින් රඳවා ගනු ලැබූ අතර, එය රට දේශපාලන කැලඹීමකට ඇද දැමීය. අවසානයේ එය ඔහු බලයෙන් පහකිරීමට හේතුවිය.
52 හැවිරිදි කිම්, දකුණු කොරියාවේ BMW අලෙවිකරුවකු වන ඩොයිෂ් මෝටර්ස් හි කොටස් සම්බන්ධ මිල ගණන් වංචා කිරීමේ සිදුවීමකට සහභාගීවීමෙන් වොන් මිලියන 800 කට වඩා (ඩොලර් 577,940; පවුම් 428,000) උපයා ඇති බව නඩු පවරන්නෝ පවසති.
ඇගේ සැමියා රටේ නායකයා ලෙස තේරී පත්වීමට පෙර මෙය සිදු වූ බව පැවසුවද, එය ඔහුගේ ජනාධිපති ධුරය පුරාම මෙම චෝදනාව සෙවනැල්ලක් ලෙස පැවැතිණි.
ව්යාපාරික අනුග්රහයන් සඳහා මතභේදාත්මක යුනිෆිකේෂන් පල්ලියෙන් අල්ලස් ලෙස දියමන්ති මාලයක් ද ඇය ලබා ගත් බවට චෝදනා එල්ල වේ.
අනෙකුත් චෝදනා අතර, 2022 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී සහ පසුගිය වසරේ මහ මැතිවරණයේදී අපේක්ෂක නාමයෝජනා සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් කිම්ට ද චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart