
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය සතියේ නව ගාස්තු සංශෝධනය හඳුන්වාදීමත් සමඟ ඉදිරි මාස හය ඇතුළත රුපියල් බිලියන 37ක පාඩුවක් සිදුවිය හැකි යැයි ලංවිම පුරෝකථනය කර ඇත.
ඉදිරි මාස හය සඳහා ලංවිම යෝජනා කළ පරිදි සම්පූර්ණ ගාස්තු අඩුකිරීමේ පිරිවැය රුපියල් බිලියන 10ක් වන නමුත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමත කරන ලද නව ගාස්තු අඩු කිරීම වෙනුවෙන් බිලියන 47ක් වැයවන බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝ පවසයි.
එමෙන්ම ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි 14.2%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය සතියේ අනුමැතිය ලබා දී ඇත.
ගාස්තු වෙනස පිළිබඳව අදහස් පලකරන පාර්ශව පෙන්වාදෙන්නේ මෙය විදුලි බල මණ්ඩලයට මෙන්ම රටට ද අහිතකර ලෙස බලපාන බවයි.
පාරිභෝගිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර ඔවුන්ට සහන සැලසීමට සැමවිටම උත්සාහ කරන නමුත්, මණ්ඩලය පාඩු නොලබා ක්‍රියාත්මක විය යුතු බවත්, ලංවිම සභාපතිවරයා පවසයි.
2013 වසරේ සිට පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 447.5 ක පාඩුවක් සිදුව ඇති අතර, 2022 දී පමණක් එය රුපියල් බිලියන 167ක විහාල අගයකි.
2022 අගෝස්තු සහ 2023 පෙබරවාරි මාසවලදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පිළිවෙළින් 75% සහ 66% ලෙස විදුලි ගාස්තු සංශෝධන දෙකක් සඳහා ලංවිමට අනුමැතිය ලබාදී ඇත.
කෙසේ වෙතත්, 2023 පෙබරවාරි 15 දක්වා වසර 10කට වැඩි කාලයක් පිරිවැය පරාවර්තක ගාස්තුවක් නොමැති වීම හේතුවෙන් ලංවිම අඛණ්ඩව මූල්‍ය පාඩු ලබමින් ක්‍රියාත්මක වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart