
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) විධිවිධානවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් බැංකුවකට සහ කැසිනෝ ශාලා දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 6.5ක ඒකාබද්ධ දඩයක් නියම කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වන මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය (FIU) 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 3.5ක්, බැලීස් ලිමිටඩ් වෙතින් රුපියල් මිලියන 1.5ක් සහ බෙලාජියෝ ලිමිටඩ් වෙතින් රුපියල් මිලියන 1.5ක දඩ මුදලක් අය කර ගෙන ඇති අතර, දඬුවම් ලෙස එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.
2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (2) වගන්තිය සමඟ කියවිය යුතු 19 (1) වගන්තිය යටතේ පවරා ඇති බලතල අනුව, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූල නොවීම සඳහා ආයතනවලට මූල්‍ය දඬුවම් පනවනු ලැබේ.
ආයතන අදාළ විධිවිධානවලට අනුකූල නොවීමේ ස්වභාවය සහ බරපතළකම සැළකිල්ලට ගනිමින් දඩය නියම කළ හැකිය.
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල වීමට අපොහොසත් වීම සඳහා පරිපාලන දඬුවම් නියම කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල වීමට අපොහොසත් වීම සහ ඒ යටතේ නිකුත් කරන ලද නීති, රෙගුලාසි සහ නියෝග සඳහා පරිපාලන දඬුවම වශයෙන් 2025 අප්‍රේල් 16 වැනිදා රු.3,500,000ක දඩයක් නියම කරන ලද අතර එම බැංකුව විසින් 2025 මැයි 2 වැනිදා එය ගෙවා ඇති බවයි.
බැලීස් ලිමිටඩ් සමාගම මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සහ ඒ යටතේ නිකුත් කරන ලද නීති, රෙගුලාසි සහ නියෝග පිළිපැදීමට අපොහොසත් වීම සඳහා පරිපාලන දඬුවම වශයෙන් 2025 මාර්තු 28 වැනිදා රු. 1,500,000ක දඩයක් පනවා ඇති අතර එය එම සමාගම විසින් 2025 අප්‍රේල් 29 වැනිදා ගෙවා ඇත.
බෙලාජියෝ ලිමිටඩ් සමාගම මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සහ ඒ යටතේ නිකුත් කරන ලද නීති, රෙගුලාසි සහ නියෝග පිළිපැදීමට අපොහොසත් වීම සඳහා පරිපාලන දඬුවම ලෙස මහ බැංකුව විසින් 2025 මාර්තු 28 වැනිදා රු. 1,500,000ක දඩයක් පනවා තිබී ඇති අතර එය බෙලාජියෝ ලිමිටඩ් සමාගම විසින් 2025 අප්‍රේල් 29 වැනිදා ගෙවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart