
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සිදුවීම් හමුවේ මෙරට සිදුවන මනුෂ්‍ය ඝාතන පිළිබඳ විමර්ශනය කිරීමේදී රුපියල් ලක්ෂ 4ත් 5ත් අතර මූල්‍ය ගනුදෙනු සඳහා මිනීමැරුම් කොන්ත්‍රාත්තු ලබාගෙන ඇති බව අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
එලෙස කොන්ත්‍රාත් ඔස්සේ මිනීමරුවන් යොදාගැනීම සඳහා රහසිගතව සහ පූර්ව සැලසුම් සහගතව එකඟවූ ස්ථානවලදී මුල්‍ය ගනුදෙනු සිදුකිරීමට තැරැව්කරුවන් ලෙස යොදාගත් පුද්ගලයන් සිටින බව එම පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
ඝාතක කණ්ඩායම්වලට අවි ආයුධ සහ වාහන සැපයීම වැනි සැපයුම් පවා රහසිගතව සංවිධානය කිරීමට අපරාධ තැරැව්කරුවන් ලෙසින් කටයුතු කරන්නන් ද සිටින බව පොලීසිය පවසයි.
පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ, තැරැව්කරුවන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් වෙඩික්කරුවන් වෙත ලබාදීම සඳහා ඔවුන්ගේ ඉලක්ක පිළිබඳ තොරතුරු රැස්කිරීම ද සිදුකරන බවයි.
වඩාත් දරුණු අනාවරණය වන්නේ, කිසියම් මුදල් ගෙවීමක් වෙනුවට අදාළ වෙඩික්කරුවන්ගේ දිනක භාවිතය සඳහා ප්‍රමාණවත් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සඳහා ඇතැම් ඝාතන සිදුකර ඇතැයි හෙළිවීමයි.
ඝාතනයක් වෙනුවෙන් පළමුව එකඟ වූ මුළු ගෙවීම පවා අපරාධයෙන් අනතුරුව එම අපරාධය සිදු කළ පුද්ගලයන්ට නොගෙවූ අවස්ථා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මිද්දෙණියේදී ඉකුත් පෙබරවාරි මාසයේදී ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කළ සිදුවීමේදී එම කොන්ත්‍රාත්තුව රුපියල් 500,000 කට සිදුකර ඇති අතර ඉන් රුපියල් 250,000 ක මුදලක් අපරාධය සිදුකිරීමට පෙර විදේශ රටක සිට යොමුකර ඇතැයි අනාවරණ වී තිබේ.
කොළඹ අධිකරණ ශාලාවක් තුළදී නීතිඥයකු ලෙස වෙස්වලාගෙන පැමිණි තුවක්කුකරුවෙකු විසින් ගණේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය කර ඇත්තේ රුපියල් මිලියන 15 ක කොන්ත්‍රාත්තුවක් සඳහා වන නමුත් ඒ සඳහා වෙඩික්කරුට ගෙවා ඇත්තේ රුපියල් 200,000 ක් පමණක් බව ද අනාවරණ වී ඈත.
මෙලෙස රට තුළ ඉහළ යන අපරාධ සිදුවීම් හමුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෑත වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන, හමුදාව හැරගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කර ඇත.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මීට පෙර පැවසුවේ අපරාධ කල්ලිවලට සහය ලබාදුන් බවට සැකකෙරෙන සේවය හැරගොස් සිටින හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව ඉකුත් පෙබරවාරි සහ මැයි අතර කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී හමුදාවෙන් පලා ගිය 3,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart