
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත මුදාහැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අසත්‍ය පැමිණිල්ලක් ගොනුකිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මීට පෙර මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.
රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික පොලිස් නිලධාරියා මහර මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
ජූලි 28 වැනි දින, කුප්‍රකට පාතාල චරිතයක් වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ගෙන් තමාට මරණ තර්ජන එල්ල වූ බවට ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේවෙතත්, රහස් පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ප්‍රියන්ත ජයකොඩි විසින් මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරගැනීමේ අරමුණින් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart