
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනුමත කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද යෝජනාවට අනුව කථානායක ජගත් වික්‍රමරත්න විසින් මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී.
පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අපේක්ෂකයකු නම්කිරීමෙන් පසු, බහුතර අනුමැතිය මත පදනම්ව නව පොලිස්පතිවරයකු පත්කරනු ලැබේ.
දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී, යෝජනාවට පක්ෂව ඡන්ද 177 ක් ලැබුණු අතර, විරුද්ධව කිසිවකු ඡන්දය ප්‍රකාශ කළේ නැත. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ජූලි 22 වැනි දින, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනාවලට වැරදිකරු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
දේශබන්දු තෙනකෝන්ගේ චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් කථානායක ජගත් වික්‍රමරත්න විසින් මෙය නිවේදනය කරන ලදී.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීමට කමිටුව ඒකමතිකව නිර්දේශ කළේය.
ඔහුට බලය අයුතු ලෙස භාවිත කිරීම සහ ධුරයේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart