
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් නොලැබුණහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ, අගෝස්තු 11 වැනිදා පෙරවරු 8.00 වනවිට එම ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සංගමය තීරණය කර ඇති බවයි.
“අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා කළා. නමුත් ස්ථාන මාරුවීම් ලේඛනයේ ඇති ගැටලු සම්බන්ධයෙන් අර්ථවත් මැදිහත්වීමක් සිදුවී නැහැ. නියමිත දිනට අමාත්‍යාංශය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරනවා” යනුවෙන් ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මතුකරන ලද කරුණු සෞඛ්‍ය බලධාරීන් නොසලකා හරින බවට චෝදනා කළ වෛද්‍ය හංසමාල් විජේසූරිය, අවසාන විසඳුම වර්ජනයකට යෑම සඳහා සිය වෘත්තීය සමිතියේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart