
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පෙබරවාරි 09 වැනිදා සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව, අද(05) පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077-2943193 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
එදින සිදුවූ විදුලිය බිඳවැටීමේ හේතුවෙන් ඇති වු ප්‍රතිවිපාක අතරට සම්ප්‍රේෂණ බලපත්රලාභියාට ගිගාවොට් පැය 5.5 ක බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකිවීම, ඉන් පසුව සිදුකළ විදුලි කප්පාදු හේතුවෙන් ගිගාවොට් පැය 4.6 ක බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකි වීම සහ බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ට සිදු වූ පාඩුවද ඇතුළත් වේ.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ එම විදුලි බිඳවැටීම හේතුවෙන් ජනතාවට, ආර්ථිකයට සහ පාරිභෝගිකයන්ට සිදුවූ අන්තරායන්, පාඩු සහ බලපෑම් ඇතුළත් බවයි.
මෙම විභාගයේ තීරණයට, විදුලි බිදවැටීම නිසා සිදුවූ සමාජ ආර්ථික බලපෑම් පිළිබද සොයාබැලීමත්, අනාගතයේදී මෙවැනි බිදවැටීම් නැවත සිදුවීම වැළැක්වීම සදහා යෝග්‍ය නිර්දේශ හඳුනාගැනීමත් ඇතුළත් වනු ඇති අතරම ඒවාට පමණක් සීමානොවනු ඇති බවද එම කොමිසම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart