
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස්රථ අංගන, මගී නැවතුම්, රියදුරු-කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇත.
එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට සහ මෙහෙයුම් කාර්යමණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
එබැවින්, පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබ ඇත.
අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා රුපියල් මිලියන 425ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව, ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන යොදාගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඍජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහනගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් හා සහයෝගිතාවයෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart