
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාධාරණ වෙළඳ පිළිවෙත්වලින් සහ හදිසි ආනයනයන්ගෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි වෙළඳ හා රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු විසින් අනුමත කර තිබේ.
2025 මාර්තු 27 වැනිදා නිකුත් කෙරුණු අංක 2429/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත(Anti-dumping and Countervailing Duty Act) යටතේ වන පියවර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මෙම ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු සහ ආරක්ෂණ විධිවිධාන අසාධාරණ වෙළඳ පිළිවෙත් සහ හදිසි ආනයනයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට ආරක්ෂාව සැපයීම අරමුණු කර ඇති බව නිලධාරීන් පැහැදිලි කර තිබේ.
අසාධාරණ වෙළඳ ක්‍රියාකාරකම් සහ හදිසි ආනයනයන් නිසා සිදුවන හානි සහ තර්ජන සම්බන්ධයෙන් සහනයක් ලබා දීම මෙම රෙගුලාසිවල අරමුණ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක උපුටා දක්වා ඇත.
සමුපකාර අංශය කෙරෙහි ද මෙම රැස්වීමේදී අවධානය යොමු වූ අතර, සමුපකාර සඳහා විධිමත් ණය ප්‍රතිපාදනයක් නොමැති බව සාමාජිකයන් පෙන්වා දී ඇත.
සමුපකාර සඳහා ණය ලබා දීමට දැනට කිසිදු විධිවිධානයක් නොමැති බව අමාත්‍ය උපදේශක කමිටුව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍ය සමරසිංහ නිර්දේශ කළේය.
ගැටළුව විසඳීම සඳහා පළාත් කොමසාරිස්වරුන් සහ ආණ්ඩුකාරවරුන් විශේෂ සැසියක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart