
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ සිදු කරන ලද IVF ප්‍රතිකාරයකින්(අභ්‍යන්තර ගැබ් ගැනීම්) පසු සිදු වූ පළමු සාර්ථක දරු ප්‍රසූතිය ඊයේ (31) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබේ.
මෙම දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් හරහා සිදු කර තිබිණි.
මෙම දරු උපත කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ IVF මධ්‍යස්ථානය විසින් වසරක් පුරා කරන ලද උත්සාහයක ප්රතිඵලයකි.
31 හැවිරිදි කාන්තාවක් වන මව සහ ඇගේ අලුත උපන් බිළිඳා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බව වාර්තා වේ.
මෙම සාර්ථක දරු ප්‍රසූතියට හේතු වූ IVF ක්‍රියාපටිපාටිය පසුගිය වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ සරුතා මධ්‍යස්ථානයේදී සිදු කර තිබිණි.
රජයේ සෞඛ්‍ය සේවය තුළ සිදු කෙරුණු IVF වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙස රජයේ රෝහලක දරුවකු උපත ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය රසික හේරත්ගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් සහ අනෙකුත් විශේෂඥයන් විසින් සිසේරියන් සැත්කමක් හරහා දරු ප්‍රසූතිය සිදු කරන ලදී.
මෙම උපත, එම පීඨයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක සිදු කරන ලද පළමු සාර්ථක IVF පිළිසිඳ ගැනීම ලෙසද කැපී පෙනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart