
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිසර ජාතික ශ්වසන රෝග රෝහලේ උරස් ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසන පරිදි, වර්තමානයේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර පෙනහළු පිළිකා බහුලව දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ පෙනහළු පිළිකා රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව වෛද්‍ය සමන් ඉද්දගොඩ සඳහන් කරයි.
හෙට (අගෝස්තු 1) යෙදෙන ලෝක පෙනහළු පිළිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය හමුවකදී වෛද්‍ය ඉද්දගොඩ මෙම අදහස් පළකළේය.
ශ්‍රී ලංකාවේ පිළිකා ලේඛනයේ වාර්තා විශ්ලේෂණය කිරීමේදී ජනගහණය අතර පෙනහළු පිළිකා රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්, දුම්පානය නිසා බොහෝවිට පිරිමින් තුළ පෙනහළු පිළිකා පිළිබඳ වාර්තා වැඩි වන බව වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසයි.
දුම් නොබොන කාන්තාවන්ගේ පෙනහළු පිළිකා හඳුනාගැනීමේ ප්‍රතිශතයද ඉහළ යන බව දත්ත මගින් පෙන්නුම් කරන බවත්, එවැනි කාන්තවන් රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට පසුබට වන බව ඔවුන් නිරීක්ෂණය කර ඇති බවත් වෛද්‍ය සමන් ඉද්දගොඩ වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart