
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන රැලියක් අතරතුර ශාන්ත දොඩම්ගොඩ නම් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ ඇතුළු මරණ දඬුවම නියම වූ තවත් දෙදෙනකු නිදොස් කොට නිදහස් කළ අභියාචනාධිකරණය දුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනයක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 31) අවසර ලබාදුන්නේය.
මෙම සිදුවීම 2015 ජනාධිපතිවරණයට පෙර කහවත්තේ පැවැති ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප්රචාරක රැලියක් අතරතුර සිදුවිය.
ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අභියාචනය සලකාබැලූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.
ඒ අනුව, නඩුව 2026 පෙබරවාරි 13 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.
ප්‍රේමලාල් ජයසේකර සහ අනෙකුත් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතිවිරෝධී බව අගතියට පත් පාර්ශවය අභියාචනයේ සඳහන් කරයි.
එම තීන්දුව අවලංගු කරන ලෙසත්, විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය විසින් නියම කරන ලද මුල් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart