
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වගවීමේ ක්‍රියාවලිය සහ අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එළඹෙන සැසිවාරයේ දී එක්සත් රාජධානිය තවත් සාමාජිකයින් සිව්දෙනකු සමඟ එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර තිබේ.
කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව එහිදී බ්‍රිතාන්‍යයට සහාය ලබාදෙන අනෙකුත් සාමාජිකයන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම සඳහා එවැනි යෝජනාවක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය නිලධාරීන්ගෙන් තමා දැනගත් බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. සුමන්තිරන් ඩේලි මිරර් වෙත පවසා ඇත.
වර්තමාන යෝජනාව සැප්තැම්බර් මාසයේදී අවලංගු වනු ඇති බවත්, නව යෝජනාව එක්සත් රාජධානිය සහ මූලික රටවල් සමූහය විසින් ගෙනඑනු ඇති බවත් ඔහු පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ඉකුත් ජූනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරත වූ අතර, එය 2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයකු මෙරටට පැමිණි පළමු අවස්ථාවයි.
ඔහු ලබන සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද සමයට අදාළ වගවීම සහ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලා සිටියි.
චෝදනා එල්ල වූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුලූ හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව රජය විසින් මේ වනවිටත් නීතිමය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය 2025 සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 3 දක්වා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart