
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීසා කාලය ඉක්මවා මෙරට රැඳීසිටි ඉන්දීය ජාතිකයින් 155 දෙනකු කොළඹ කාර්යාල පරිශ්‍රයකදී ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් රුපියල් මිලියන 33.6 ක දඩ මුදල් සහ වීසා ගාස්තු අයකර තිබේ.
එවැනි නීති උල්ලංඝණය කිරීමක් සඳහා මෙරට ඉතිහාසයේදී අයකර ගැණුනු විශාලතම මුදල එය බව පැවසේ.
ලද තොරතුරක් මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් වටළා ඇත.
අන්තර්ජාල අලෙවිකරණ සහ ඔට්ටු ඇල්ලීමේ කටයුතුවල නිරතවන අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගමක කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා දේශීය සමාගමක් විසින් එය භාවිත කර ඇතැයි අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගැනුණු එම ඉන්දියානුවන් සියලුදෙනා පිරිමි පුද්ගලයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 25 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
එම සියලු ඉන්දියානුවන් නේවාසික වීසා බලපත්‍රයක් සහිතව මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් දේශීය සමාගමෙන් කුලි පදනම මත රැකියාවල නිරතවෙමින් මාසයක සිට වසරක් දක්වා කාලය ඉක්මවා මෙරට රැඳී සිට ඇත.
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ මෙතරම් විශාල පිරිසකට එකවර නවාතැන් ගැනීමට ඉඩක් නොමැති බැවින් සහ දැනටමත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 100 කට අධික පිරිසක් එහි රඳවා සිටින බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස එම පිරිසට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart