
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය රජයේ ප්‍රදානයක් මගින් අරමුදල් සපයන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම ඉදිරියට ගෙනයෑම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
‘The Nationalist’ නම් ස්වේච්ඡා සංවිධානයේ විධායක කමිටු සාමාජික ලීනා අමානි රිෂාඩ් හමීඩ් විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ තවත් කිහිපදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දත්ත ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය මූල්‍ය නීති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය විසින් මෑත කාලීනව ගෙන ඇති තීරණ පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනටමත් ආරම්භ කර ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට හෝ ප්‍රමාද කිරීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් බලධාරීන්ව වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඳ පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා යටිතල පහසුකම් සහ ජෛවමිතික දත්ත පාලනය ඉන්දීය බලධාරීන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට ඵලදායී ලෙස බාහිරින් ලබාදෙමින් රජය ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) රහසිගතව සංශෝධනය කර ඇති බවට ද පෙත්සම්කාරිය චෝදනා කරයි.
එමෙන්ම ඇය පවසන්නේ, 2025 ජනවාරි 27 සහ ජුනි 2 දිනැති කැබිනට් තීරණ දෙකක් පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට නොදන්වා රහසිගතව ගෙන ඇති බවත්, ඉන්දියාව සමඟ මුල් 2022 අවබෝධතා ගිවිසුමට විශාල සංශෝධන අනුමත කර ඇති බවත්ය.
මෙම සංශෝධන මගින් ඉන්දියාවට Master System Integrator (MSI) සහ ජෛවමිතික දත්ත සමුදා මෘදුකාංග (MOSIP) ඇතුළු මූලික තාක්ෂණික යටිතල පහසුකම් තෝරාගැනීමට සහ පාලනය කිරීමට ඉඩ ලබාදෙන බවට පෙත්සම්කාරිය චෝදනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart