
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන හබයාස් කෝපුස් නඩුකරයට අදාළව සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම දැනුම්දීම සිදු කළේය.
පවතින ආරක්ෂක හේතූන් මත තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක තම සේවාදායකයා සාක්ෂි ලබාදීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැනුම්දුන්නේ, මෙම ඉල්ලීම අද දින සිට සති හතරක් තුළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.
තම සේවාදායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන්වූවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේද එකඟතාවය පළකළේය.
ඒ අනුව, එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණයක් තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart