
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුදුරේදීම ආසන පටි රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ගාල්ල දිස්ත්‍රික් ගමනාගමන කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, නීතියට අනුකූල නොවන බස් රථ හිමියන්ට ලබාදී ඇති බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවයි.
වාර්ෂිකව රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2,350 ක් පමණ මියයන අතර 6,000 ක් බරපතල තුවාල ලබන බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, 2025 සහ 2026 සඳහා රජය විසින් ප්‍රවාහන අමාත්‍යාංශය හරහා ‘මාර්ග ආරක්ෂණ සැලැස්මක්’ ඉදිරිපත් කර ඇති බවයි.
ඒ යටතේ ආසන පටි සැලැස්මක් පනවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බොහෝ බස් රථවල දැනටමත් ආසන පටි පවතින බැවින් රජය අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කර, ඒවා නොමැති බස්රථ තහනම් කරන බව සහ නැතහොත් බලපත්‍ර අවලංගු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart